සක්යා LearnOnline සමග සම්බන්ධ වීමට පෙර ඔබ විසින් පහත සදහන් කොන්දේසි සහ නියමයන් සම්පූර්ණයෙන් කියවා බලා අවබෝධ කර ගත යුතු වන අතර එකී කොන්දේසි සහ නියමයන් ඔබ විසින් අපගේ සේවය ලබා ගන්නා කාලය පූරා ඔබ කෙරෙහි බලපැවැත්වේ.
01 ඔබ විසින් අපගේ LearnOnline අධ්‍යයන ඒකකයන්ට ප‍්‍රවේශය ලබා ගැනීමට පෙර අප විසින් දක්වා ඇති ලියාපදිංචි වීමේ අයදුම්පත සම්පූර්ණ කළ යුතු වේ.
02 ඔබ අප ආයතනයට හෝ ඊට අනුබද්ද ආයතනයකට පැමිණ පාඨමාලාවක් මිලදී ගන්නේ නම්, ඔබ මේ වන විටත් අප ආයතනයේ ලියාපදිංචි වී ඇති සක්යා ශිෂ්‍ය හැදුනුම්පතක් සහිත ශිෂ්‍යයෙකු නම් හෝ ඔබ මෙතෙක් අප ආයතනයේ ලියාපදිංචි වී නොමැති ශිෂ්‍යයෙකු නම් හෝ ඒ සදහා වෙන් වෙන් වශයෙන් දක්වා ඇති අයදුම්පත් සම්පූර්ණ කර අප වෙත යොමු කිරීම කළ යුතු වේ.
03 ලියාපදිංචියෙන් පසුව ඔබට ලැබෙන මුර පදය සහ පරිශීලක නාමය ඔබ විසින් පමණක් භාවිත කළ යුතු අතර සුරක්ෂිතව පරිහරණය කිරීම හා පවත්වා ගැනීම ඔබ සතු වගකීමක් වන අතර එය අන්සතු කිරීම සපුරා තහනම් වේ.
04 ඔබගේ අධ්‍යයන පරමාර්ථය සදහා මෙම වීඩියෝපට සහ නිබන්ධන භාවිත කළ හැකි නමුත් අපගේ අවසරයකින් තොර වූ වෙනත් කිසිදු නීත්‍යානුකූල නොවන අරමුණක් සදහා මෙම සේවාව ලබා ගැනීම සපුරා තහනම් වේ.
06 ඔබ විසින් තෝරාගත් දේශකවරුන් හා විෂයන්ට අදාළ අධ්‍යයන ඒකකයන්ට ගාස්තු ගෙවීම සිදු කළ යුත්තේ සතිපතා හෝ මාසික පදනමින් වන අතර වරක් ගෙවූ ගාස්තුව කිසිදු හේතුවක් මත නැවත ඔබ වෙත ගෙවීමක් සිදු නොකෙරේ. යම් දේශනයක් හෝ කිහිපයක් මිල දී ගැනීමේදී ඔබගේ එම ඇණවුමට අදාළව ඔබ වෙත අප විසින් නිකුත් කරනු ලබන ඇණවුම් අංකය යටතේ ගෙවීම් සිදු කළ යුත්තේ එක් වරක් පමණි.
07 ගාස්තු ගෙවීමෙන් පසු ඔබට අධ්‍යයන ඒකකයන්ට අදාළ වීඩියෝ පට සහ නිබන්ධන සදහා ප‍්‍රවේශ විය හැකි අතර එක් වීඩියෝවක් ස`දහා අවස්ථා වාර තුන (03)ක් ප‍්‍රවේශ විය හැකි වේ. එම අවස්ථා වාර තුන ඔබට ලැබෙනුයේ ගාස්තු ගෙවූ දින සිට එළඹෙන මාස එක (01) ක කාල සීමාවක් තුළ දී පමණි.
08 ඔබ විසින් අධ්‍යයන ඒකකයන්ට අදාළ යම් වීඩියෝපටයක් නරඹන අතරතුර අන්තර්ජාල පහසුකම් වල හට ගත් තාක්ෂණික දොෂයක් හෝ විදුලිය බැද වැටීමක් හෝ ප‍්‍රමාණවත් අන්තර්ජාල පහසුකමක් නොමැති වීමක් හෝ වෙනත් ඔබගේ පාර්ශවයෙන් සිදු විය හැකි තාක්ෂණික හෝ වෙනත් යම් දෝෂයක් නිසා බාධාවක් සිදු වූවද එම වීඩියෝව නරඹමින් සිටි අවස්ථාව ඔබෙන් ගිලිහී යන එක් අවස්ථා වාරයක් ලෙස සළකනු ලැබේ.
09 කිසිදු හේතුවක් මත එම අධ්‍යයන ඒකකයන්ට අදාළ වීඩියෝපට භාගත කිරීම, පිටපත් කිරීම, දත්ත වෙනස් කිරීම, විකෘති කිරීම, අන් අය සමග මුදලට හෝ වෙනත් අරමුණකින් හුවමාරු කර ගැනීම සපුරා තහනම් වේ.
10 අපගේ LearnOnline අධ්‍යයන ඒකකයන්ට අදාළ වීඩියෝ පට හා නිබන්ධන සක්යා උසස් අධ්‍යාපන ආයතනය සතු බුද්ධිමය දේපළකි. ඒවා නීතියට පටහැනි අයුරින් භාවිත කරන්නේ නම් 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතට අනුව ඔබට එරෙහිව නීතිමය පියවර ගැනීමට අයිතිය අප සතු වේ.
By using the LearnOnline platform, you agree to be bound by the following terms and conditions and accept them in full during the entire period you remain as a paid subscriber of the LearnOnline platform.
- You are to complete the registration form in full when seeking access to the LearnOnline platform.
- If you are an already registered Sakya student you will be directed to the relevant registration form and if you are not an already registered Sakya student, you will be directed to a different registration form.
- The online access given to you by the platform only authorizes a single user, meaning you are strictly instructed not to share with others.
- The password given exclusively to you by the platform must be securely used. You are strictly barred to share with others.
- You are permitted to use the online access exclusively for educational purposes. Any other purpose other than the purpose you are given access to is strictly prohibited.
- You must make the payments either weekly or monthly for the class(es)/ videos and educational resources of your choice. Once paid, the payment will not be refunded under any circumstances.
- Once you make the required payments you will be given access to the class(es)/ videos and educational resources. For one class/ video you have up to 3 chances to access it.
- You are aware that in case you encounter any technical failure arising out of a variety of reasons, not limited to, such as electricity failure, data shortage, etc causing you to disconnect from the class/video, will be considered as one lost chance.
- If you decide to use the class/ video more than 3 times, you must make a fresh payment for any more additional usage.
- You are strongly prohibited to download, copy, alter and distort data, share with others the class(es)/videos.
- All the class(es)/videos and other resources are copyrighted properties/ contents of Sakya. You are aware that any violations as per clause 10 above will be treated as an offense penalizable under the Property Rights Act Article 36 of 2003.